දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...

දිගු දෑස දුටුවාම..//

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...

දිගු දෑස දුටුවාම...//

ගායනය : රොමේෂ් සුගතපාල 


මෙම ගීතය බාගත කිරීම සදහා



දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ....//


අත්වැල් බැදගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද....//
පුංචි ළැදැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුනු ඒ කාලය මතකද


දුරස් වන්නට....


අනාගතේ ගැන අහස් මාළිගා
අප දෙන්නා මැවූ කාලය මතකද....//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලගින් උන් කාලය මතකද


දුරස් වන්නට....


ගායනය : දයාරත්න රණතුංග


මෙම ගීතය බාගත කිරීම සදහා

                                           

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානයය පැමිණී එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක පැණි රස බව නොසිතුනිද ළඳේ

සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනි
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි....//
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසනු සිරිතට නිහැඬවම හිනැහෙමි
කතරක තනි වී....
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු....//
ගඟක් ලෙස ගලා විත් නැමි නැනී දඟ වැදී
මගෙත් දෙපා සිප ගනු මැන සිහිල සිතට දී
කතරක තනි වී....

ගායනය : මර්වින් පෙරේරා

මෙම ගීතය බාගත කිරීම සදහා

                                       



මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේනෑ මා ඇයිද පෙම් කලේ
සද රාජීනී නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ....//

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලගයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුනේ....//
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුබ දන්නෙනෑ සුන්දරයි ජීවිතේ

තාරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයිද හැංගුනේ පෙලා මා අන්ධකාරයේ....//
අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුබ දන්නෙනෑ සුන්දරයි ජීවීතේ

මට හීනයක් වෙලා...

ගායනය : දමිත් අසංක

මෙම ගීතය බාගත කිරීම සදහා


මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිදෙනවා
නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා....//
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය....

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිගිති පුතා අතැගිල්ලක එල්ලී එනවා....//
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා

මේ නගරය....

ගායනය : මර්වින් පෙරේරා

මෙම ගීතය බාගත කිරීම සදහා

                                        


ඔබ මා හමුවුන මේ ඉර හද යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී


ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල....//
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී....//


ඔබ මා හමුවුන......


කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි....//
සිතින් දරාගෙන මා මළ දවසට 
මගෙ ළග තනියට ඉනු මැනවී....//


ඔබ මා හමුවුන......


ගායනය : කරුනාරත්න දිවුල්ගනේ


මෙම ගීතය බාගත කරගැනීම සදහා


රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මදූ තෙපුල් සර හඩවා හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේ......//


තිසරුන් පිරී වනවිල් සැලී
පැවසූ හැගුම් ආදරේ....//
සිසිලේ වෙලී පවනේ ඇදී
පනමෙන් බැදී මා හා රැදී


රන් මීවිත පුරවා......


කදුලේ වෙලී අදුරේ ගැලී
කැලඹු පැතුම් සාගරේ....//
සද කැන් රිදී තෙරපී රැදී
පැනයා නොහී වැතිරී හිදී


රන් මීවිත පුරවා......


ගායනය : මර්වින් පෙරේරා


මෙම ගීතය බාගත කිරීම සදහා
 

                                        

සිහින අහසේ වසන්තේ තාරකා මල් පිබිදුනා
රංචු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිගු සේනා
රොන් රස ඉල්ලා පෙම් හැගුම්...


සිහිලැල් පවනේ ගී හඩ විසිරී මතක ඈත ඉමේ
ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ
බිගු නද පාවී ඔය හඩ වාගේ සවනේ රැවි දේ...


සිහින අහසේ වසන්තේ....


මග එළි මවනා තරු කැන් ඔබ වේ තනි වූ කතර ඉමේ
මා හදේ හිරුත් ඔබයි මා හදේ සදුත් ඔබයි
දෙවියන් අතරේ පුද දෙමි සැමදා මහද ප්‍රනාමේ


සිහින අහසේ වසන්තේ...

මුල් ගායනය : එච් ආර් ජෝතිපාල


මෙම ගීතය බාගත කිරීම සදහා

                                    


වසන්තයේ සිත සැළුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවදක් සේ මා ලග රැදුනා....//

සුදු රැළි ගවුමෙන් හැඩ වී
පෙර ඔබ ආ හැටි සිහි වී....//
දගකාරිය ඔබ මට පෙම් කල
මතකය ඔබ ලග නැවතී

වසන්තයේ සිත සැළුනා....

අරුන්දතියෙ සද සැගවී
සමණල සිහිනය බොද වී....//
මල් පාවඩ දිග යනවාදෝ
අද මා පෙම් කල කුමරී

වසන්තයේ සිත සැළුනා....//

ගායනය : රොමේශ් සහ ලක්ෂාන්


මෙම ගීතය බාගත කරගැනීම සදහා 



තනිවෙන්න ඉඩ දෙන්න 
මටයි මගේ සිතටයි 
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි....//


යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
සැගවුනි මතකය අද රහසේ
පෙම් කල හදකට ශාප නොකල මැන
වෙන හදකට පෙම් කල දවසේ


තනිවෙන්න ඉඩදෙන්න....


මැකුණු අතීතේ නටඹුන් අතරේ
මා තනිවූදා දිවි කතරේ
වසන්තයේ පෙම් මංසල අබියස
ඔබ ඇත ඔහු සුළැගිලි අතරේ


තනිවෙන්න ඉඩ දෙන්න....


ගායනය : අජිත් ආරියරත්න

මෙම ගීතය බාගත කරගැනීම සදහා



රණවරා මලට වැහිපිණි වැටුනා
සද වලා අතර යලිත් සැගවුනා
හද පලා ඇවිත් කදුළු ඉහිරුනා
මට මගේ කුමාරියව සිහිවුනා


සදකිදුරියේ මගේ ඇස්දෙකට
බැහැ ඔය ඇස්දෙක නොදැක ඉන්නට
තව ආත්ම ගනනක් එක දිගට
මම කෙලෙසක විදවන්නද මෙ දුක


රණවරා  මලට....//


මවුපියන් සිර කලත් ඔබ ගෙදර
සිහිවෙනකොට හද හඩයි මාගෙන
ඒ කදුළු කතාවේ අන්තිමට 
දෙන්නම මියැදෙන්නේ එක තැනක


ගායනය : කිංස්ලි පීරිස්

මෙම ගීතය බාගත කිරීම සදහා



ලියැවෙන්නැති පෑන වගේ ඔබේ ආදරේ
නිදියන්නැති දෑස වගේ මගේ ජීවිතේ
විදවන්නද මෙවන් දුකක් නුඹට පෙම් කලේ
ඇයි රත්තරනේ මගෙන්ම පළි ගන්නෙ මේ වගේ


මගෙ නමට එවූ ලියුමක තිබු ලස්සන කවිය
කියවන විට බොදවුනි මතකයෙ දුක් කදුලු කැට
පවු කලාද මා සෙනෙහසකින් වෙන්න දුරකට
අත්වේවා ළදුනේ ඔබ හට සම්පත සතුට


ඔබ පිපුනු මලක් නම් සුවදත් ඔබටයි අයිතී
ඔබෙ සුවද ඉල්ලගත්තා නම් මමමයි වැරදී
සිත සෙනෙහෙ පුදා ආපදු ගත්තානම් සොදුරී
යලි සිතනු මැනවි දෙදෙනාගෙන් කවුද නිවැරදී


ගායනය : කිංස්ලි පීරිස්

මෙම ගීතය බාගත කරගැනීම සදහා
 

Hathmaluwa

www.hathmaluwa.org