කතරක තනි වී | Katharaka Thaniwee


කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානයය පැමිණී එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක පැණි රස බව නොසිතුනිද ළඳේ

සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනි
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි....//
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසනු සිරිතට නිහැඬවම හිනැහෙමි
කතරක තනි වී....
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු....//
ගඟක් ලෙස ගලා විත් නැමි නැනී දඟ වැදී
මගෙත් දෙපා සිප ගනු මැන සිහිල සිතට දී
කතරක තනි වී....

ගායනය : මර්වින් පෙරේරා

මෙම ගීතය බාගත කිරීම සදහා

                                       

0 comments:

Post a Comment

Hathmaluwa

www.hathmaluwa.org