දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...

දිගු දෑස දුටුවාම..//

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...

දිගු දෑස දුටුවාම...//

ගායනය : රොමේෂ් සුගතපාල 


මෙම ගීතය බාගත කිරීම සදහා



දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ....//


අත්වැල් බැදගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද....//
පුංචි ළැදැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුනු ඒ කාලය මතකද


දුරස් වන්නට....


අනාගතේ ගැන අහස් මාළිගා
අප දෙන්නා මැවූ කාලය මතකද....//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලගින් උන් කාලය මතකද


දුරස් වන්නට....


ගායනය : දයාරත්න රණතුංග


මෙම ගීතය බාගත කිරීම සදහා

                                           

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානයය පැමිණී එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක පැණි රස බව නොසිතුනිද ළඳේ

සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනි
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි....//
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසනු සිරිතට නිහැඬවම හිනැහෙමි
කතරක තනි වී....
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු....//
ගඟක් ලෙස ගලා විත් නැමි නැනී දඟ වැදී
මගෙත් දෙපා සිප ගනු මැන සිහිල සිතට දී
කතරක තනි වී....

ගායනය : මර්වින් පෙරේරා

මෙම ගීතය බාගත කිරීම සදහා

                                       



මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේනෑ මා ඇයිද පෙම් කලේ
සද රාජීනී නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ....//

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලගයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුනේ....//
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුබ දන්නෙනෑ සුන්දරයි ජීවිතේ

තාරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයිද හැංගුනේ පෙලා මා අන්ධකාරයේ....//
අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුබ දන්නෙනෑ සුන්දරයි ජීවීතේ

මට හීනයක් වෙලා...

ගායනය : දමිත් අසංක

මෙම ගීතය බාගත කිරීම සදහා


මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිදෙනවා
නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා....//
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය....

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිගිති පුතා අතැගිල්ලක එල්ලී එනවා....//
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා

මේ නගරය....

ගායනය : මර්වින් පෙරේරා

මෙම ගීතය බාගත කිරීම සදහා

                                        


ඔබ මා හමුවුන මේ ඉර හද යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී


ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල....//
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී....//


ඔබ මා හමුවුන......


කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි....//
සිතින් දරාගෙන මා මළ දවසට 
මගෙ ළග තනියට ඉනු මැනවී....//


ඔබ මා හමුවුන......


ගායනය : කරුනාරත්න දිවුල්ගනේ


මෙම ගීතය බාගත කරගැනීම සදහා


රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මදූ තෙපුල් සර හඩවා හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේ......//


තිසරුන් පිරී වනවිල් සැලී
පැවසූ හැගුම් ආදරේ....//
සිසිලේ වෙලී පවනේ ඇදී
පනමෙන් බැදී මා හා රැදී


රන් මීවිත පුරවා......


කදුලේ වෙලී අදුරේ ගැලී
කැලඹු පැතුම් සාගරේ....//
සද කැන් රිදී තෙරපී රැදී
පැනයා නොහී වැතිරී හිදී


රන් මීවිත පුරවා......


ගායනය : මර්වින් පෙරේරා


මෙම ගීතය බාගත කිරීම සදහා
 

                                        

Hathmaluwa

www.hathmaluwa.org