මේ නගරය | Me Nagaraya


මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිදෙනවා
නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා....//
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය....

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිගිති පුතා අතැගිල්ලක එල්ලී එනවා....//
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා

මේ නගරය....

ගායනය : මර්වින් පෙරේරා

මෙම ගීතය බාගත කිරීම සදහා

                                        

0 comments:

Post a Comment

Hathmaluwa

www.hathmaluwa.org